by Sagarika Chathumali 20-02-2018 | 9:27 AM
කැනඩාව අඛණ්ඩව 6 වන වරටත් ශීත ඍතු ඔලිම්පික් උළෙලේ කාන්තා අයිස් හොකී තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.
ඒ මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙලේ අවසන් පූර්ව තරගයේදී රුසියාවේ ඔලිම්පික් ක්රීඩකයින්ගේ කණ්ඩායම පරාජය කරමිනි.
2018 ශීත ඍතු ඔලිම්පික් උළෙල පසු ගිය 9 වන දා ආරම්භ විය.
එහි කාන්තා අයිස් හොකි තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වුණේ, කැනඩාව හා රුසියාවේ ඔලිම්පික් ක්රීඩකයින්ගේ කණ්ඩායම අතරයි.
එහිදී කැනඩා කණ්ඩායම ගෝල 5 ට 0 ක් ලෙස තරගය ජය ගත්තේ ය.
ඔවුන් වාර්තා අතරට එක් වන්නේ ශීත ඍතු ඔලිම්පික් උළෙලට අයිස් හොකී ක්රීඩාව හඳුන්වා දුන් 1998 වර්ෂයේ සිට මේ දක්වා අවසන් තරගයට අඛණ්ඩව 6 වන වරටත් සුදුසුකම් ලබා ගත් කණ්ඩායම ලෙසයි.
පසුගිය වසර 5 තුළ ඔවුන් අවස්ථා 4 කදී කාන්තා අයිස් හොකි ශූරතාවය දිනාගෙන තිබේ.
කාන්තා අයිස් හොකි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ජය ගත්තේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමයි.
ඒ අනුව කැනඩාව අවසන් මහා තරගයේදී අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමත් සමග 2018 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ කාන්තා අයිස් හොකි ශූරතාවයට තරග වදීයි.
ඔවුන් මේ දක්වා අවසන් මහා තරග 4 කදී එකිනෙකා හමුවී ඇති අතර ඒ අවස්ථා 4 දීම ජයගෙන ඇත්තේ කැනඩා කණ්ඩායමයි.