මාතෘ භූමියට ප්‍රමුඛත්වය දී කටයුතු කරන්න

රට අස්ථාවර තත්ත්වයක, මාතෘ භූමියට ප්‍රමුඛත්වය දී කටයුතු කරන්න - පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

by Staff writer 17-02-2018 | 6:47 PM
Colombo (Newsfirst) රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අද මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. එහිදී උන්වහන්සේ පැවසුවේ, පළාත් පාලන මැතිවරණය නිමාවට පත් වීමෙන් පසු රටේ අස්ථාවර තත්ත්වයක් දක්නට ඇති බව ය. රටේ වගකිව යුතු පාර්ශව මහජනතාවගේ සුබ සිද්ධිය සහ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කර කටයුතු කළ යුතු බව උන්වහන්සේ මෙහිදී අවධාරණය කළේ ය.