බුදු දහම සහ කිතු දහම එක්වුණු අපූරු පන්සල

බුදු දහම සහ කිතු දහම එක්වුණු අපූරු පන්සල - රිදී විහාරය

by Staff writer 12-02-2018 | 4:18 PM
ආගමික සංහිඳියාව පිළිබඳව අප නොයෙකුත් වර කතා කරමු. ජාතික සංහිඳියාවක් සඳහා ආගමික සංහිඳියාව ද අත්‍යවශ්‍ය සාධකයකි. මෙම ආගමික සංහිඳියාවට කදිම නිදසුනක් සපයන ස්ථානයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇත.

රුවන්වැලි සෑයට රිදී මතුවෙයි

ඒ, රිදී විහාර රජ මහා විහාරය යි. මෙය එසේ මෙසේ විහාරස්ථානයක් නොවේ. ජනප්‍රවාදයේ පවතින ආකාරයට රුවන් වැලි සෑය අවසන් කිරීම සඳහා රිදී ගෙනගොස් ඇත්තේ රිදී විහාරයේ මතුවූ බව කියන රිදී ගොබයකිනි.

ඇත් දළ කැටයම්

ඊට අමතරව, මෙරට හොඳ ම ඇත් දළ කැටයම් ඇත්තේ ද, රිදී විහාරය සතුව ය.

ජේසුස් වහන්සේගේ ජීවිත කතාව

මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ, එහි ඇති සැතපෙන පිළිමය ඉදිරිපිට මල් අසුනේ ජේසුස් වහන්සේගේ ජීවිත කතාව දැක්වෙන පිඟන් ගඩොල් කැබලි අල්ලා තිබීම යි. මෙම පිඟන් ගඩොල් 19 වන සියවසේ එහි පැමිණි ජර්මානු නිලධාරිවරයෙකු තිලිණ කර ඇති අතර එවකට විහාරාධිකාරී හිමියන් විසින් ඒවා මල් අසුනේ තබා ඇත. කිතු දහම සහ බුදු දහම එකට එක්ව පවතින දුර්ලභ ස්ථානයක් ලෙස මෙය ලෝක ප්‍රකට ය.