රෝසිගේ පුත්‍රයා ගැන සාලිගෙන් හෙළිදරව්වක්

කොළඹ පුරපති අපේක්ෂක අසාද් සාලිගෙන් හෙළිදරව්වක්

by Sagarika Chathumali 07-02-2018 | 9:10 PM
COLOMBO (Newsfirst) : එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ පුරපති අපේක්ෂක අසාද් සාලි මහතා අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අනාවරණයක් සිදු කළේ ය. ඔහු එහිදී එලෙස අනාවරණය කළේ, කොළඹ පුරපති අපේක්ෂිකාවගේ පුතණුවනු ත් බැඳුම්කර වංචාවට සම්බන් බවට වන තෙරතුරකි.. එහිදී පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සහ නුවන් සල්ගාදු අතර වූ දුරකථන සංවාදයක කොටසක් මාධ්‍යවේදීන්ට අසන්නට සැලැස්වූ අතර එය පහතින් දැක් වේ. මේ අතර මෙම මාධ්‍ය සාකච්ඡාවකට එක්ව සිටි හිටපු ජ්‍යේෂ්ඨ බැංකු නිලධාරී රුසිරිපාල තෙන්නකොන් මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේ ය.
"මේ වාර්තාවේ පිටු අංක 305 යේ දුරකතන සංවදය අද බන්ධනාගාරගත වෙලා සිටින කසුන් පලිසේන කියන ප්‍රධාන විධායක නිලධාරිවරයයා පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ මේ කාරණයට මැදිහත් විච්ච ගණුදෙනුව මෙහෙයවපු තැනැත්තා ඔහු පණිවිඩයක් දෙනවා ඒ සමාගමේ ගිණුම් නිලධාරියෙකුවන නුවන් සල්ගාදුට මේ පණිවිඩය දෙන්නේ පලවෙනි කෝප් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දිලා ඉවරවෙලා ඒක ටිකක් නරක පැත්තට යන බව තේරිච්ච කාලෙක ඔහු කියනවා සිංගප්පුරුවේ ඉදලා මේ දුරකථන පණිවිඩය දීලා නුවන් සල්ගාදුට කියනවා ගිහිල්ල ගනිං මං දිපු ප්‍රකාශයේ පිටපතක්. කාගෙන්ද ගන්නේ රෝසි සේනානානයකගේ පුතාගෙන් නුවන් සල්ගාදු නැමැත්තාගෙන් කොමිසම ඉදිරියේ කෙලින්ම අහනවා කවුද රෝසි කියන්නේ එතකොට උත්තරේ දෙනවා නුවන් සල්ගාදු පාර්ලිමේන්තු මන්ත්‍රි කෝප් කාරක සභාවේ නියෝජිත රෝසි සේනානානයක මහත්මිය කවුද පුතා කනිෂ්ක සේනානායක''
එල්ල වන මෙම චෝදනාව සම්බන්ධයෙන් විමසීමට රෝසි සේනානායක මහත්මිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවී ය.