by Chathuranga Rajapaksha 03-02-2018 | 9:54 PM
වසර 4ක් පුරා කාගේවත් පිළිසරණක් නොමැතිව පාලමක් යට දිවි ගෙවන පවුලක් පිළිබඳව අපට තොරතුරු වාර්තා විය.
දහසකුත් ප්රශ්න සමඟ මිනිස්සු මේ ලෝකෙට බිහිවෙයි. බොහෝ වෙලාවට සුඛෝපභෝගී මන්දිරවල මිනිස්සු සව්දිය පුරන
කොට, ජීවිතේ බොහො දේ අහිමි වූ මිනිස්සු මහමඟ කදුළු සලමින් සිටිති.
යාපනය - නුවර ඒ නවය මාර්ගයේ කටුගස්තොට ප්රදේශයෙන් වැටී ඇති පාලම උඩින් දිනකට දහස් ගණන් ජනතාව පාලම
උඩින් ගමන් කළ ත් කාටවත් නොඇසුණු කතාවක් එම පාලම යට තිබේ. .
51 හැවිරිදි අබ්දුල් රහීම් සහ ඔහුගේ බිරිඳ සිත්ති කුරේශියා සිය පවුල සමග මේ පාලම යට ජීවත් වන්නේ මිනිසාට තිබිය යුතු
අවම පහසුකම්වත් නොමැතිවයි .
සිත්ති කුරේශියා දරුවන් තිදෙනෙකුගේ මවකි.
සිඟමනේ ගොස් එදිනෙදා වේල සරිකරගන්නා අබ්දුල්, කොහු මෝලකදී අනතුරකට ලක්වීම නිසා අතක කොටසක් අහිමී වී
තිබේ .
අබ්දුල් රහීම්
[quote]දරුවෝ තුන්දෙනෙක් මට ඉන්නවා. ඒ දරුවෝ තුන්දෙනා අපිව සළකන්නේ නෑ. වයසක අම්මා කෙනෙක් ඉන්නවා. ඒ
අම්මාටයි අපිටයි කාලා බීලා ජීවත් වෙන්න තමයි කීයක් හරි ඉල්ල ගන්නේ . අපිට ඉන්න තැනකුත් නෑ , යන්න තැනකුත්
නෑ කීයක් හරි ඉල්ලගෙන තමයි අපි ජීවත් වෙන්නේ .අපිට බැරි නිසා තමයි අපි මේ දුක් විඳින්නේ. කී දෙනෙක් අපිව මග
අරිනවාද? කවුරුත් සළකන්නේ නෑ අපිට.[/quote]
සිත්ති කුරේශියා
[quote]මගේ සල්ලි ඔක්කොම හොරකම් කර ගත්තා .මගේ ගෙවල් ඔක්කෝම ගත්තා .මේ අත බැරි මිනිහෙක් , ඇස් පේන්නේ
නැති අම්මෙක් තියාගේන අපි ජීවත් වෙන්නෙ[/quote]
ඔවුන් සිටින ස්ථානය වැසි දිනට ක්ෂණිකව ජලයෙන් යට වෙන අතර ඔවුන්ගේ එකම බලාපොරොත්තුව හිසට සෙවනකි.
[youtube url="https://www.youtube.com/watch?v=CcXTqgSEEcY" width="560" height="315"]